Saturday, September 7, 2013

prabandha

පිටසක්වල ජීවින් පිළිබද ජනතාව ජනතාව තුළ වු කුතුහලය වැඩි වෙමින් තිබුණි.  රූපවාහිනිය මගින්ද ජනතාවට නිරතුරුව පිටසක්වල ජීවින් ගැන ජනතාවට තොරතුරු ලැබුණි. රතු වැසි, කොල වැසි පිළිබදව නිරතුරුවෙන්ම වාර්තා විය. රාත්‍රි කාලයේ විවිධ ප්‍රදේශවලින් පීරිසියක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තවූ  බොහෝ විට දීප්තිය විහිදන හිසක් සහිත, පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා හා එලි නිකුත් කරන, ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරන හා ක්ෂණිකවම දිශා වෙනස් කරන පිටසක්වල යානා වාර්තා විය.
දිනක් ශ්‍රි ලංකාවෙ ඉරණවිල ප්‍රදේශයෙන් පිටසක්වල යානාවක් ගොඩ බැස්වු බවට මට දැනගන්නට ලැබිණ. මම මහචාර්යවරයෙකු ලෙස එම ස්ථානයට යන විටත් බොහෝ දෙනා එහි ගොස් තිබිණි. ආරක්ෂක හමුදාව විසින් එම ජනතාව විසුරුවන්නට විය. එහි ප්‍රධාන යානා තුනක් පැමිණ තිබු අතර ඉන් එකක් ආරක්ෂක යානයක් විය. එය ඇතුළත බොහෝ කුඩා යානා තිබු අතර ඒවා ප්‍රධාන යානයෙන් පිටව ගොස් පෘථිවි ජීවයේ ඉහළම තාක්ෂණය ඇති ස්ථානවලට හා අධි සම්ප්‍රේක්ෂණ ඇන්ටනා කුලුනු සහිත ස්ථානවලට විකිරණ ප්‍රහාර, ලැව් ගිනි විෂ ප්‍රහාර, එල්ල කරමින් සිටියි.                                               
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEOyVI58XG_8QcFpLRBxtZaJSpwe0jIjRQeKWXvgeMFKUwtKjqExQ-CpNuolm9CJTAeydixssp0HINsfPvMWlYqeLr13tD4o2WX1BfYRB3CAtSPf8HwaKm5uZsG7UXCLpYQZsvgjvNWqU/s320/ufo_1725769c.jpg

මිනින්තු කිහිපයක් ගතවිනි. එම යානයේ දොර විවෘත විය. කිසිදු පිටසක්වල ජීවියකු ඉන් නොපෙනුනේය. මා අසා ඇති පරිද්දෙන් පිටසක්වල ජීවියෙකු  හිස තරමක් දිගටි හා විශාල හා එතරම් පෙනුමක් නොමැති කෙසඟ සිරුරක් ඇති දුටු විට බියදනවනසුළු ජීවියෙකි. ඔවුන් පිළිබද තොරතුරු සෙවිමට මා තුළ තිබු දැඩි කුතුහලය තවත් වැඩි වන්නට විය. “මේ පිටසක්වල ජීවීන්ගේ සිරුරු කෙසේ සැකසී ඇතිද?, කුමක් මත ඔවුන් යැපෙනවාද?, කුමන වායුවක් අඝ්‍රාණය කරනවාද, කුමන භාෂාවක් ඔවුන් කතා කරනවාද?”මටම සිතිණි. කෙමෙන් කෙමෙන් මම එම පිටසක්වල යානාව සිටි තැනට ළංවන විට  යානය ඇතුළත බොහො දේ මට පෙනෙන්නට විය. ඒ සමග මොහොතකින්  එම යානය අතුරුදහන් විය. එය එහි සිටි බොහෝ දෙනාට පුදුමයට කරුණක් විය.

http://www.agoracosmopolitan.com/news-img/maximum/9228.jpg

“සමහරවිට පිටසක්වල ජීවින් පාරජම්බුල කිරණ හෝ අධෝරක්ත කිරණ දෘෂ්ඨි
සංවේදනය පිණිස භාවිතා කරන කාණ්ඩයක් වන්නට පුළුවන්.අප ඉදිරියේ  පිටසක්වල
ජීවින් සිටියත් දැකගන්නට ලැබේයිද කියලාත් හරියටම කියන්න බෑ. මොකද පිටසක්වල
ජීවින් තාක්ෂණය මගින් අපට නොපෙනි සිටින්න උත්සහා කරන බැවිනි. ඒවාගේම මනුෂ්‍ය
ශ්‍රවණ පරාසය හර්ට්ස් 20 සිට 20000 දක්වා වුනත් අපේ මේ පෘථිවියේ ඉන්න
සතුන්ගේ පවා මේකට වඩා වෙනස් පරාස පවතිනවනේ. එවගේ තියෙද්දීත් පිටසක්වල ජීවීන්ගේ ශ්‍රවණ පරාසය අපට සමගාමී වෙන්න පුළුවන්ද?..ඒක නිසා
මමනම් හිතන්නේ සමහර විට ඔවුන්ව පියවි ඇසින් දැක ගන්න බැරි වෙයි.ඔවුන්ට සවන් දෙන්න බැරි වේවි.”
 ’මා සමග එහි ගිය සිටි විද්‍යා හදාරන්නෙකු වන ජොන්ස් පවසද්දී සියලු බලාපොරොත්තු බිදී ගිය බවක් මට දැනුණි.
ආරක්ෂක යානයට අනුබද්ධ ප්‍රහාර එල්ල කරමින් සිටි කුඩා යානයක් තම බාරයට ගැනීමට මාගේ මිතුරු මහාචාර්යවරයෙකු සමත් වු බව මට දුරකථන ඇමතුමක් ඔස්සේ දැනගන්නට ලැබිණි. මම එහි යන විටත් ඔහු එම යානය පිළිබද බොහෝ තතු සොයා ගෙන තිබිණි.
 “මේ ඩේවිඩ් කොහොමද ඔය යානා ගමන් කරන්නේ ?” මම ඇසුවෙමි.
‘මෙම යානා ශබ්දයේ වේගය ඉක්මවා කළාට එහිදි සාමාන්‍ය වශයෙන් නිකුත් වන
ශබ්දයක්වත් තබා, යානයක් මගින් නිකුත්වන ශබ්දයවත්  අසෙන්නේ නැහැ. මේවා
ක්ෂණිකව ගමන් කරන දිශාව වෙනස් කරනවා. ගුවන් යානයකට මෙසේ ගමන්
කරන දිශාව පහසුවෙන් වෙනස් කරන්න බෑ. මොකද පෘථිවියේ තියෙන ගුරුත්වය හින්දා. නමුත් පිටසක්වල යානා ක්ෂණිකවම ගමන් දිශාව වෙනස් කරන හින්දා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බල රේඛා කැපෙද්දී නිදහස් වන ශක්තියෙන් මෙවගේ යානා එවලට අවශ්‍ය  ශක්තිය උත්පාදනය කර ගන්නවා.’ ඩේවිඩ් පැවසුවේය.

පසුව මම මාගේ විද්‍යාගාරයට ගොස් මෙය පිළිබදව  ගැඹුරින්  සිතන්න  පටන්  ගත්තෙමි. 
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQrLkWXp7r6ODX69oZg6wdRFjLSLaa9rEdSloYGvktdMqw_T1vvnA

“මේ පෘථිවිය අල්ලාගෙන තමන්ගේ වාසයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සමහර විට මේ පිටසක්වල ජීවින්ගේ අරමුණ වෙන්න පුළුවන්. ඒ සදහා මේ ලොකයේ වායු ප්‍රතිශතය ඔවුන්ට ගැටළුවක් වෙන්න පුළුවන්. මොකද අපි ආශ්වාස කරන 78% ක නයිට්‍රිජන් වායුව සහ 20.8 % ඔක්සිජන් අඩංගු වාතය පිටසක්වල ජීවින්ට සමහර විට විෂ සහිත වන්නට පුළුවන්.සමහර විට පිටසක්වල ජීවින් වෙනත් වායුවක් ආශ්වාස කරන අය වෙන්න පුළුවන්. අපේ ජීවය නයිට්‍රිජන්, ඔක්සිජන්, හයිඩ්‍රිජන්, සල්ෆර්, පොස්ෆරස් හා යකඩ ආශ්‍රයෙන් ගොඩනැඟුනා වාගේ පිටසක්වල ජීවින් වෙනත් සංඝඨක පාදක කරගෙන තැනි ඇති ජීවීන් කොට්ඨාසයක් වෙන්න පුළුවන්. ඒක හින්දා මොකක් හරි ක්‍රමයකින් තමන්ට සුදුසු පරිසරයක් පෘථිවියේ නිර්මාණය කරලා ඊට පස්සේ පිටසක්වල ජීවින් පෘථිවියට ගොඩ බසිවි.”මම සිතුවෙමි.

මෙසේ පිටසක්වල ජීවින් පිළිබදව හා ඔවුන්ගේ යානා පිළිබදව දින දෙකක් පුරාවට සෙවුවත් කිසිදු පණිවිඩයක් ලැබුණේ නෑ. මෙසේ පරීක්ෂණ පවත්වා සිටින අතරතුරදීම මහාචාර්ය ජොන්ස්ගෙන් ඇමතුමක් ලැබිණි. ‘හෙලෝ.. වොට්සන් මේ පිටසක්වල යානාවක් පහු ඉරණවිලට ඇවිල්ලලු. ඉක්මනට එන්න පුළුවන්ද?’ජොන්ස් මගෙන් ඇසුවේය.

“හරි හරි මම ඉක්මනට එන්නම්” මම පැවසුවෙමි.
මම පිටසක්වල යානාව ඇති ස්ථානයට යන විටත් මහාචාර්යවරුන් කිහිප දෙනෙකු එහි පැමිණ සිටියේය.එහි තිබු යානාව මුල් දවසේ තිබු යානාව තරම් විශාල එකක් නොවීය.  
හෝරාවක් පමණ ගත විණි. යානාව එක් වරම ඉහළ එසවී ඇසිල්ලකින් අපි සිටි තැනට පැමිණ කහ පැහැති අලෝකයක් අප වෙත එල්ල කළේය. ඒ සමගම යානය අප වෙත පතිත කළ අතර අප එම යානය තුළට ඇතුල් විය. එම යානාව පුරාව තිබෙන්නේ පරිඝණක යන්ත්‍රයි. අප පොලිතින් වැනි යමකින් කොටුවී තිබිණි. මොහොතක් ගත විණි. පිටසක්වල ජීවියෙකු එතැනට පැමිණියේය. පසුව එතැන තිබු රොබෝ යන්ත්‍රයක්  මගින් ශ්‍රවණය සදහා උදව් වන උපකරණයක් අප එකිනෙකාට සවි කළේය.  

පසුව එහි සිටි පිටසක්වල ජීවියා අප සමග කතා කළ අතර අපට රොබෝ විසින් සවි කළ උපකරණය මගින් ඔහු පවසන දේ අපටත් අප පවසන දේ ඔහුටත් තේරුම් ගැනීමට හැකි විය.
“ඔබ කවුද?” අප විමසුවෙමු.
“අපි පිටස්තර ග්‍රහලෝකයකින් පැමිණි ජීවින් වෙමු.” පිටසක්වල ජීවියා පැවසුවේය.
“ඔබ සමග කීදෙනෙකු මෙහි පැමිණියේද?” අප විමසුවෙමු.
“බොහෝ දෙනෙක් මා සමග පැමිණියෝය.” පිටසක්වල ජීවියා පැවසුවේය.
“ඔබ මෙහි පැමිණීමේ අරමුණ කුමක්ද?” අප විමසුවෙමු.
“පෘථිවිය අප පරීක්ෂණ කටයුතු සදහා යොදා ගැනීම අපගේ අරමුණයි”. පිටසක්වල ජීවියා පැවසුවේය.
“එමගින් පෘථිවියට අහිතකර ප්‍රතිඵලයන් අත් විය හැකිද?” අප විමසුවෙමු.
“සමහර විට පෘථිවිවාසින්ට ගැටළු ඇති විය හැකිය.” පිටසක්වල ජීවියා පැවසුවේය.
“එසේනම් ඔබගේ පරීක්ෂණ කටයුතු නතර කරනු”අප පැවසුවෙමු.
http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSeN-AII2iF_PTfzCfHlmgZul2qQOFgcT4O68gAYzuC625QVcPM

“කිසිසේත්ම එය කළ නොහැකිය. අප මෙතරම් දුරක් ගෙවා ඒම නිශ්ප්‍රයොජනීය කළ නොහැක.” පිටසක්වල ජීවියා පැවසුවේය.
‘අප පෘථිවියට කුමක් සිදුවන්න යනවාද? පෘථිවි වාසින්ගේ අනාගතය කෙබදු වේද?’ යන්න පිළිබදව තවමත් අප සිත් තුළ ගැටළුවකි. අපි නැවතත් පිටසක්වල යානාවෙන් බැස පැමිණෙන විට බොහෝ රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යයන් එතැනට පැමිණ සිටියෝය. නමුත් අපි මාධ්‍යයට කිසිදු දෙයක් ප්‍රකාශ නොකර නිහඩව සිටියෙමු. ඒ මෙය ඇසු ජනතාව කැළඹෙයි යයි තිබු බිය නිසාවෙනි.

කුමක් කරන්නද කෙසේ මෙය සිදුවීම වළක්වා ගන්නද යන්න සිතා ගන්න නොහැකිව දින කිහිපයක් මහත් කම්පාවෙන් කල් ගත කළෙමි.
නැවතත් පිටසක්වල ජීවින්ගෙන් න්‍යෂ්ටික බලය පිළිබදව අධ්‍යනය කරන ස්ථානවලටත්, අධිසම්ප්‍රේක්ෂිත කුළුණුවලටත්, පිටසක්වල ජීවින් පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කරන ස්ථානවලටත්, විෂ ප්‍රහාර, විකිරණ ප්‍රහාර එල්ල වන්නට පටන් ගත්තේය. තවද ක්ලෝන තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵල බිහා වෙමින් තිබිණි. මේ නිසා මිනිසුන්  අතරද ගැටුම් නිර්මාණය විය.

පෘථිවි ජීවයේ කිසිවක් අලුත් වෙමින් පරිණාමය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝලා පේලෙක්ස්හි ‍දොරටු වසා තිබේ. එහි යතුර තියෙන්නේ පිටසක්වල ජීවීන්
ළගයි. ඒ කියන්නේ පෘථිවියේ ජීවය පාලනය කරන එක් ‍දොරටුවක් ඔවුන් සතුයි.
මවක හා පියකු එකතුවී ශරීරයක් තනනවා මෙන් විවිධ යුගවලදී විවිධ ශරීරවලට
ජීවසෛල පෘථිවිය පුරා වපුරමින් දියුණු ජීවිත පරීක්‍ෂණ පිටසක්වල ජීවින් පවත්වයි.
පිටසක්වල ජීවින් නැවතත් හියුමන් සෝලා පේලෙක්ස්හි දොරටු විවෘත කර තිබෙනවා. මේ නිසා පෘථිවි වාසින් නැවතත් පරිණාමය වීම ආරම්භවී තිබෙනවා. මේ නිසා ඉදිරියෙදී බොහෝ ගැටළු ඇති වෙයි. පිටසක්වල ජීවින්ගෙනුත් එල්ල වන ප්‍රහාර හමුවේ නැවත පෘථිවියේ ජීවය ආරම්භ වනුයේ දඩයම් යුගයෙන්ද වියහැකිය.